ගම්මන්පිලගේ පැමිණිල්ල විභාග කරයි (වීඩියෝ)

Sunday, 25 October 2020 - 15:01

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට එරෙහිව ඔහුගේ නීතිඥවරුන් මූලික විරෝධතා ගොනු කළා.

ඒ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොමිසමට කළ පැමිණිල්ලක් ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී .

1997 වසරේදී ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකසා ඕස්ට්‍රේලියාවේ බ්‍රයන් ජෝන් ෂැඩික් නැමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා ඇති බවට ව්‍යාජ සාක්ෂී ගොනු කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩූ පැවරීම දේශපාලනිකව පලි ගැනීමේ අරමුණින් සිදු කර ඇති බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

මෙම පැමිණිල්ලට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක , හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර මෙන්ම එන්.කේ  ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවා .

පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ ගම්මන්පිල  මහතා කොමිසමට ලබාදී ඇති සාක්ෂියට අනුව ඔහු ව්‍යවස්ථාදායකයේ නියෝජිතයෙකු බව පෙනී යන බවයි.

ඒ අනුව කොමිෂන් සභා  ආඥා පනතේ හත සී වගන්තිය අනුව සිය සේවාදායකයා කොමිෂන් සභාව හමුවට කැඳවීමට බලයක් නොමැති බව ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නා.

ඊට කොමිසමේ දැඩි විරෝධය එල්ල වූ අතර කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සදහන් කළේ චම්පික රණවක මහතා කොමිසම හමුවට කැදවීමට බලය ඇති බවයි.

ඒ පිළිබඳව තර්ක කිරීමෙන් වලකින්නැයි කොමිෂන් සභාව වගඋත්තරකාර පාර්ශවයට දැඩි ලෙස අවවාද කරමින් කියා සිටියා.

මෙම පැමිණිල්ලටම අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා.

ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසා සිටියේ " 2018 ජුනී 18 මාගේ සේවාදායකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔබතුමාට මම යෝජනා කරනවා කාර්යක්ෂමතාවයෙන් සහ දැඩි හදිසියකින් මේ ආකාරයට කටයුතු කළේ ඔබ වෙත පැමිණි දේශපාලන බලපෑමක් මත කියලා."

"එම යෝජනාව වචනයක් වචනයක් නෑරම මම ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනි.මේ පරීක්ෂණ කටයුත්තට අදාළ කටයුතු වලදී මම කිසිදු ආකාරයකින් බලපෑමට ලක් වෙලා නැහැ " පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු දුන්නා .

පොලිස් විශේෂ විමර්ශන ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් කොමිසම ජයසුන්දර මහතාගෙන් කරුණු කිහිපයක් විමසූ අතර ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට මතකයක් නොමැති බවයි.

මේ අතර ගම්මන්පිල මහතාගේ පැමිණිල්ලට අදාළ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා කොමිසම නිකුත් කළ නොතීසි නොසලකා හරින බවට නිරීක්ෂණය කර ඇති බැවින් ඔහු කොමිසම මගහැරි පුද්ගලයෙකු බවට වාර්තා කිරීමට තීරණය කළ බව කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories