කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ ප්‍රදේශ කිහිපයක ලිපි බෙදීමේ කටයුතු නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවයි

Sunday, 25 October 2020 - 17:40

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් සිදු කෙරෙන ලිපි බෙදීමේ කටයුතු නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවීමට සිදුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසනවා.

පවතින තත්වය හමුවේ බොහෝ ප්‍රදේශවල ජනතාව ලිපි සහ පාර්සල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ තැපැල්කරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි තැපැල්පතිවරයා නිවේදනය කළේ.

ඒ අනුව බස්නාහිර පළාත, ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය සහ එහි පාලිත උප තැපැල් කාර්යාලය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය හා තදාසන්න තැපැල් කාර්යාල, මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් සිදු කෙරෙන ලිපි බෙදීමේ කටයුතු මේ අනුව අත්හිටුවනු ඇති.

තවදුරටත් වාර්තාවන තත්වයන් සැලකිල්ලට ගනිමින් සිදු කළ යුතු අවශ්‍ය ලිපි බෙදීමේ කටයුතු අත්හිටුවීම් හා කාර්යාල තාවකාලිකව වසා තැබීම් සිදු කිරීමටයි තැපැල්පතිවරයා ප්‍රාදේශීය පරිපාලනය වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

මෙම බෙදීම් අත්හිටුවන ප්‍රදේශ සඳහා යැවෙන ලිපි දිවයිනේ අනෙක් කාර්යාලවලින් භාරගැනීම ද අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුව සහ තැපැල් මූලස්ථානයේ කටයුතු ද භාහිර පාරිභෝගිකයන් සඳහා විවෘත නොකෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න කියාසිටියා.

කෙසේවෙතත් ලිපි බෙදීම් අත්හිටුවා ඇති ප්‍රදේශවල රෝහල් මගින් සායනික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග සහ රාජ්‍ය ඔසුසල මගින් ඇණවුම්කර බෙදාහරින ඖෂධ බෙදීම් කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවයි තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories