බේරුවල, පයාගල සහ අලුත්ගම ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් නොකෙරේ - ගම්පහ - ඔසුසැල්, වෙළඳසැල් සහ බැංකු හෙට විවෘතයි (වීඩියෝ)

Sunday, 25 October 2020 - 18:45

%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%2C+%E0%B6%B4%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%BA%E0%B6%B8+5%E0%B6%A7+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+-+%E0%B6%94%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බේරුවල, පයාගල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් නොකිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

මීට පෙර නිවේදනය කළේ අදාළ ප්‍රදේශවලට හෙට උදෑසන 5ට නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කෙරෙන බවයි.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කය තුල ඇදිරි නීතිය අඛන්ඩව ක්‍රියාත්මක බව ද යුද හමුදාපතිවරයා කියා සිටියා.

අද පස්වරු 6 සිට කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.  

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අදාළ කාලසීමාව තුළ විවෘතව තබන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

මේ අතර, අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 61ක අත්‍යාවශ්‍ය රාජකාරි කටයුතු සඳහා සිය රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බවයි.

එමෙන්ම, අද පස්වරු 6 ට ඇදිරි නීතිය පැනවූ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට පැමිණිම සඳහා පිටත්ව ඇති දුම්රිය සහ බස්වලට ඒ සඳහා අවස්ථාව පවතින බව ද ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories