ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 7872ක් වෙයි

Sunday, 25 October 2020 - 21:25

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+7872%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 7872ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 88 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතයන් සහ ධීවර වරාය පොකුරේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

මෙරටින් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 4054 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 3803 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 15ක්.