බ්ලූමැන්ඩල් සංඛගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට

Monday, 26 October 2020 - 8:30

%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛගේ බිරිඳ සහ පුත්‍රයෙකු ජාඇල පමුණුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ බිරිඳ සතුව තිබූ හෙරොයින් ග්‍රෑම්10ක් සහ රුපියල් ලක්ෂ 20 ක මුදලක්ද සොයාගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.

ඇයගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් ඉවත් කරගෙන ඇති බවද විමර්ශනවලදී හෙලිව තිබෙනවා.

එම මුදල දැනට ඇපමත නිදහස්ව සිටින බ්ලූමැන්ඩල් සංඛට ලබාදී ඇති අතර, ඔහු විදෙස් ගතවීමේ අරමුණින් වැය කිරීම සඳහා අදාළ මුදල් ලබාගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.