ස්පාඤ්ඤයට හදිසි නීතිය

Monday, 26 October 2020 - 8:34

%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට හාරකෝටි තිස් තුන් ලක්ෂ 23,390 ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව 11 ලක්ෂ 58,807 ක්.

එහිදී ලොව පුරා දෛනික ආසාදිත සංඛ්‍යාවද කැපී පෙනෙන ලෙස ඉහළ යෑම විශේෂත්වයක්.

ඒ අනුව ඊයේ දිනයේදී නව ආසාදිතයින් හාර ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 4,500 කට ආසන්නයි.

දෙවන කොරෝනා රැල්ලට මුහුණදෙන යුරෝපයේ කොරෝනා ව්‍යාප්තිය වේගවත් වීමක් දක්නට ලැබෙන අතර, ප්‍රංශයේ දෛනික ආසාදිත සංඛ්‍යාව ඊයේ දිනයේදී 50,000 ඉක්ම වූවා.

ඊයේ ප්‍රංශයෙන් නව ආසාදිතයින් 52,010 ක් වාර්තා වූ අතර, ඊට පෙර දින ආසාදිතයින් 45,422 ක් වාර්තා වුණා.

ප්‍රංශයේ සමස්ත ආසාදිත සංඛ්‍යාවද මේ වනවිට 11 ලක්ෂ 38,507 ක් ලෙස සටහන් වනවා.

ඒ අනුව ප්‍රංශය, ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අභිබවා කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට පත් ලොව පස්වන රාජ්‍යය බවට පත්ව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය සහ රුසියාවට පසුවයි.

මේ අතර, කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ යන ස්පාඤ්ඤයේ හදිසි නීතිය පැනවීමට අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සන්චෙස් ඊයේ තීරණය කළා.

එමෙන්ම, රාත්‍රි කාලයේ ඇඳිරි නීතිය පැනවීමටද පියවර ගෙන තිබෙනවා.

හදිසි නීතිය පැනවීමත් සමඟ ස්පාඤ්ඤයේ දිස්ත්‍රික්ක සහ කලාප අතර සංචරණය සීමා කෙරෙන අතර, වෛද්‍ය කටයුතු සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇති.

ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද මේ වනවිට මිලියනය ඉක්මවා 11 ලක්ෂ 10,372 ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව 35,000 කට ආසන්නයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories