පසුගිය 2019 වසරේ පැවති උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය - කඩඉම් ලකුණු අද අන්තර්ජාලය වෙත මුදා හැරෙනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේ එම කඩඉම් ලකුණු ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙබ් අඩවියට අද(26) පස්වරුවේ එක් කෙරෙන බවයි.
මෙවර සිසුන් 41,500 කට රාජ්‍ය සරසවිවලට ඇතුළුවීමට හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම, වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු විෂය ධාරාවන් සඳහා ඇතුළත් කරගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාවද ඉහළ නංවා තිබෙනවා.
2019 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය - කඩඉම් ලකුණු නිකුත් කිරීම පමාවීමට කරුණු කිහිපයක් බලපා ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.
ඊට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග, කොරෝනා වෛරස් වසංගතය මෙන්ම ප්‍රතිපාදන කොමිසමේ කාර්ය මණ්ඩලය සීමිත වීම එවැනි කරුණු කිහිපයක්.

Follow US
Most Viewed Stories