ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් 152 ක් අත්අඩංගුවට

Monday, 26 October 2020 - 8:44

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+152+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් එකසිය පනස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 16 ක්.

ඔක්තෝම්බර් 04 වැනිදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,076 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.