නව ව්‍යවස්ථාවක් බිහි කිරීම සඳහා පැවති ජනමත විචාරණයෙන් ලතින් ඇමරිකානු චිලී රාජ්‍යයේ ජනතාව බහුතරයක් ඊට කැමැත්ත පළ කර තිබෙනවා.
ඊට 78% කට පමණ ජනතා සහයක් හිමිව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජනමත විචාරණයේ ප්‍රතිඵලය අනුව එක්ව ඉදිරියට ගමන් කිරීමේ නව මාවතක් විවෘත වූ බව ජනාධිපති සෙබස්තියන් පිනේරා සඳහන් කළා.
චිලී දේශයේ වත්මන් ව්‍යවස්ථාව 1980 වසරේදී සකස් කරනු ලැබූයේ ඒකාධිපති පාලක ජෙනරාල් ඔගස්ටෝ පිනොෂේගේ පාලන සමයේදීයි.
සමාජ සමානාත්මතාව සහිත නව ව්‍යවස්ථාවක් බිහිකළ යුතු බවට පසුගිය කාලය තුළ විශාල ජනතා විරෝධතා ක්‍රියාත්මක වුණා.
ඊයේ පැවති ජනමත විචාරණයේදී ඡන්දදායකයන් වෙත ප්‍රශ්න දෙකක් යොමු වූ අතර, නව ව්‍යවස්ථාවකට කැමැත්ත සහ එය සකස් කළ යුත්තේ කවුරුන්ද යන්න විමසා තිබුණා.
ඒ අනුව චිලී ජනතාව බහුතරයක් කැමැත්ත පළ කර ඇත්තේ තමන් තෝරා පත්කර ගන්නා මහජන නියෝජිතයින් විසින් නව ව්‍යවස්ථාව සකස් කිරීමටයි.
ජනමත විචාරණයෙන් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ සතුට සැමරීම සඳහා චිලී දේශවාසීන් සන්තියාගෝ අගනුවර ඇතුළු අනෙකුත් නගරවලට දහස් ගණනින් රැස්වූයේ එහි ප්‍රතිඵලය මුළුමනින්ම නිකුත්වීමට පෙර සිටයි.

Follow US
Most Viewed Stories