සියලුම ඉන්දියානුවන්ට කොවිඩ් එන්නත නොමිලේ

Monday, 26 October 2020 - 10:12

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A
කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් නිෂ්පාදනය කළ පසු සියලුම ඉන්දියානුවන්ට එය නොමිලේ ලබා දෙන බව ඉන්දීය රජයේ අමාත්‍යවරියක ප්‍රකාශ කළා.

අමාත්‍ය ප්‍රතාප් සාරංගි මේ බව කියා සිටියේ එම එන්නත දේශපාලනීකරණය කරන බවට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදෙමින්.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මැතිවරණය නුදුරු දිනකදී පැවැත්වීමට නියමිත අතර, පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කළේ සියලුම බිහාර් වාසීන්ට කොවිඩ් එන්නත නොමිලේ ලබාදෙන බවයි.

කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත් කිහිපයක් ඉන්දීය විද්‍යාඥයන් විසින් මේ වනවිට සංවර්ධනය කරමින් පවතින බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories