මහනුවර සිට යාපනය දක්වා ධාවන වූ ලංගම බස් රථයක් ටිපර් රථයක ගැටෙයි (වීඩියෝ)

Monday, 26 October 2020 - 11:03

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මහනුවර සිට යාපනය දක්වා ධාවන වූ ලංගම බස් රථයක් ටිපර් රථයක් ගැටීමෙන් අද (26) අලුයම අනතුරක්‌ සිදුවුණා.

ඒ වවුනියාව තැපැල් කාර්යාලය ආසන්නයේදීයි.

අනතුර සිදුව ඇත්තේ වවුනියාව තැපැල් කාර්යාලය පසුකරමින් ගමන් කරමින් තිබූ ටිපර් රථයක පසුපස අපරික්‍ෂාකාරී ලෙස ධාවනය වූ එම ලංගම බස් රථය ගැටීම හේතුවෙන් බව සඳහන්.

අනතුරෙන් බස් රථයට දැඩි අලාභාහානි සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ සිට ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

අනතුරට හේතුව ලංගම බස් රථයේ රියදුරුගේ නොසැළකිලිමත් ධාවනය බව අනාවරණ වී තිබෙනවා

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වවුනියාව පොලීසිය විසින් ක්‍රියාත්මකයි.