ඇමරිකාව කොරෝනා වෛරස් වසංගතය පාලනය නොකරන බව ධවල මන්දිරය කියයි

Monday, 26 October 2020 - 11:32

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B0%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමරිකාව කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පාලනය නොකරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝස් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එය ප්‍රතිශ්‍යාව වැනි පහසුවෙන් බෝවන රෝගයක් බවයි.

එය මෙවර ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් කඳවුරේ දැඩි විවේචනයට ලක්වූ අතර,උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් කියා සිටියේ එම ප්‍රකාශය මගින් ට්‍රම්ප් පරිපාලනය පරාජය පිලිගෙන ඇති බවයි.

කෙසේ නමුත්, වෛරසය මැඩපැවැත්වීමට පියවර ගන්නා බව ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා විවේචන හමුවේ සඳහන් කළා.