කොළඹින් ගමන් ආරම්භ කරන සියලුම දුර ගමන් සේවා බස් රථ අද සිට අවලංගු කෙරේ (වීඩියෝ)

Monday, 26 October 2020 - 13:07

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 64 ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිලදී ගැනීම සඳහා මේ වනවිට සහන කාලයක් ලබාදී තිබෙනවා.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට භාණ්ඩ මිලදී ගැනීමට අද පෙරවරු 8 ට ආරම්භ වූ එම සහන කාලය රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මකයි.

අද පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය හා පෞද්ගලික බැංකු ද විවෘත වූ අතර, ජනතාව සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට එහි පැමිණි අයුරු දක්නට ලැබුණා.

මේ අතර, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නිවෙස්වල රැදී සිට කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීමට දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාව කටයුතු කළ යුතු බවයි.

ඊයේ පස්වරු 6 සිට කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පැනවීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 ක් සඳහා තවදුරටත් ඇදිරි නීතිය ක්‍රියාත්මක වනවා.

මේ අතර, කොළඹින් ගමන් ආරම්භ කරන සියලුම දුර ගමන් සේවා ලංගම සහ පෞද්ගලික බස් රථ අද(26) සිට අවලංගු කර තිබෙනවා.

කොළඹට පැමිණෙන බස් රථවලට නගර සීමාවෙන් පිටතදී මගීන් නංවා ගැනීම හා බැස්සවීම සිදුකළ හැකි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ බස් රථ හිමියන්ට යම් සහනයක් ලබාදීම පිළිබඳව ද, අද දිනයේදී අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුකරවන බවයි.

එසේම, පවතින තත්ත්වය පිළිබඳව අමාත්‍ය මණ්ඩලය තුලදී ද සාකච්ඡාවට බඳුන්වනු ඇති බවත් ඔහු කියා සිටියා.

මේ අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ එහි රාජකාරි කරන කාර්ය මණ්ඩලය සඳහා දුම්රිය මෙන්ම, ලංගම බස් රථ යොදවා තිබෙනවා.

ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අද දිනයේ කොළඹ නගරයේ පිහිටි රාජ්‍ය ආයතන වෙත පැමිණි සේවක සංඛ්‍යාව අවම මට්ටමක පවතින බවටයි වාර්තා වන්නේ.

මේ අතර, ඊයේ රාත්‍රියේ බේරුවල ධීවර වරාය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ එහි පවතින මාළු තොග මුදා නොහැරීමට කටයුතු නොකිරීමත් සමඟ මාළු තොග රැගෙන යාමට එහි පැමිණි ධීවර යාත්‍රා හිමියන් සහ බලධාරින් අතර, මෙම උණුසුම් තත්ත්වය හට ගත් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories