රිජ්වේ ආර්යා රෝහලේ වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් 7 දෙනෙක්

Monday, 26 October 2020 - 13:56

%E0%B6%BB%E0%B7%92%E0%B6%A2%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් 7 දෙනෙකු සහ මව්වරුන් තුන්දෙනෙකු වාර්තා වන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී. විජේසූරිය ප්‍රකාශ කළා.

අප කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ පසුගිය 24 වනදා සිට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවූ බවයි.

ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආසාදිතයින්ට සම්බන්ධ ආශ්‍රිතයින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මීට පෙර ද එම රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් දෙදෙනෙකු සහ පියෙකු හඳුනා ගනු ලැබුවා.