සුළං බලාගාරයෙන් මතු වූ ගැටලු (වීඩියෝ)

Monday, 26 October 2020 - 14:02

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

නොරොච්චෝලලේ සුළං විදුලි බලාගාර පද්ධතියට අයත් කුලුනක සිදුව ඇති කාර්මික දෝෂයක් නිසා විසිරයන තෙල් හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් මතුව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

කල්පිටිය අර්ධද්වීපයට අයත් ඉලන්තිඅඩිය වෙරළ ආසන්නයේ ඉදිකර ඇති මෙම සුළං විදුලි බලාගාරයට අයත් කුලුනු 12න් එක් කුලුනක කාර්මික දෝෂයක් හටගෙන ඇත්තේ මීට මාස කිහිපයකට පෙරයි.

කුළුණෙන් මීටර් 150ක දුරට විසිරෙන තෙල් හේතුවෙන් එම ප්‍රදේශයේ පාරිසරික හානි රැසක් මතුව තිබෙන බව ගම්වාසීන් පවසනවා.

මෙම ප්‍රදේශයේ තල් ගස් විශාල ප්‍රමාණයක් එක පෙළට දක්නට ලැබෙන අතර, ඒවා සියල්ල මේ වන විට විනාශ වෙමින් ඇත්තේ මෙම කුලුනෙන් විසිරී යන තෙල් නිසයි.

පරිසරයට පමණක් නොව දෛනික ජන ජීවිතයට පවා දැඩි ලෙස බලපෑම් සිදුකරන මෙම සිදුවීම් සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට අවස්ථා කිහිපයකදී දැනුම් දුන් බව ප්‍ර දේශවාසීන් පවසනවා.