කොළඹ ස්ථාන කිහිපයක් විෂබීජහරණයට (වීඩියෝ)

Monday, 26 October 2020 - 14:14

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B7%84%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය වැළැක්වීම සඳහා නොවැම්බර් මස 2 වැනිදා දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ගැවසෙන සෑම ස්ථානයක්ම විෂබීජහරණය කිරීම සඳහා සැලසුම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයේ අද පැවැති විෂබීජහරණ ව්‍යාපෘතියකට එක්වෙමින්.

පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය වැළැක්වීම සඳහා මේ වනවිට ඇඳිරිනීතිය පනවා ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනයා ගැවසෙන ස්ථාන විෂබීජහරණය කිරීම අද ආරම්භ කෙරුණා.

ඒ අනුව කොළඹ මැනිං වෙළෙඳපොළ සංකීර්ණය, ගුණසිංහපුර, මධ්‍යම බස් නැවතුම්පල සහ බැස්ටියන් මාවත, බස්නැවතුම්පලවල් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තය සහ පොලීසිය එක්ව මෙම විෂබීජහරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණා.