කළුතර අනවසර වෙළෙඳසල් ඉවත් කෙරේ (වීඩියෝ)

Monday, 26 October 2020 - 14:26

%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

කළුතර නගරයේ පිහිටි අනවසර වෙළෙඳසල් ඊයේ රාත්‍රී  කඩා ඉවත් කිරීමට කළුතර නගර සභාව පියවර ගෙන තිබෙනවා.

වෙළෙඳුන් චෝදනා කරන්නේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක අසාධාරණ ලෙස නගර සභාව විසින් තම වෙළෙඳසැල් කඩා ඉවත් කර ඇති බවයි.

කළුතර නගරයේ පිහිටි අනවසර වෙළෙඳසැල් කළුතර දකුණ පොලිසියේ ආරක්ෂාව යටතේ ඊයේ රාත්‍රී කඩා ඉවත් කිරීමට නගර සභාව කටයුතු කර තිබුණා.
 
නගර සභා සභාපති අමීර් නසීර් මහතා පැවසුවේ රුපියල් ලක්ෂ ගණනක් වැයකර වෙළෙඳ සංකීර්ණයක් ඉදිකර මෙම වෙළෙඳුන්ට ලබා දී තිබියදී ඔවුන් එම වෙළෙඳසල් අත්හැර මෙලෙස අනවසර වෙළෙඳසල් පවත්වාගෙන යන බවයි.
 
එය නගරයේ ආරක්ෂාවට මෙන්ම සුන්දරත්වයටද ගැටළුවක් බව සභාපතිවරයා පවසනවා.

කෙසේවෙතත් වෙළෙඳුන් චෝදනා කරන්නේ අදාළ වෙළෙඳ  සංකීර්ණයේ අඩු පාඩු රැසක් පවතින බවයි.

කිසිවෙකුත් නොමැති රාත්‍රී කාලයේ වෙළෙඳසල් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන්ද වෙළෙඳුන් චෝදනා කළා



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories