එක් කොරෝනා ආසාදිතයෙකු නිසා චීන නගරයක හතලිස් හත් ලක්ෂයක් පරීක්ෂාවට

Monday, 26 October 2020 - 14:28

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
චීනයේ ෂිං - ජියැං ප්‍රාන්තයේ කෂ්ගාර් නගරයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමෙන් පසු එම නගරයේ මිලියන 4.7 ක සමස්ත ජනගහනයම පරීක්ෂාවට ලක් කිරීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.

අහඹු පරීක්ෂාවකදී එසේ ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ ඇඟලුම් සේවිකාවක බව සඳහන්.

ඇය දින 10 කට පසු චීනයෙන් හමුවූ ප්‍රථම සමාජ ආශ්‍රිත ආසාදිතයායි.

ඉන් අනතුරුව, නගරයේ පාසල් වසා දැමූ බලධාරින් කොවිඩ් 19 පරීක්ෂාවෙන් ඍණ ප්‍රතිඵලයක් ලැබෙනතුරු කිසිවෙකුට නගරයෙන් පිටවීම තහනම් කර තිබෙනවා.

මේ වනවිට එහි මිලියන 2 යි දශම 8 ක කොවිඩ් පරීක්ෂාවන් සිදුකර ඇති අතර, ඉතිරි පිරිසට ද ඉදිරි දින දෙක තුළ පරීක්ෂාවන් සිදුකිරීමට නියමිතයි.

මෙතෙක් සිදුකර ඇති පරීක්ෂාවන් මගින් රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් 137 දෙනෙකු සොයා ගත් බවයි චීන බලධාරින් ප්‍රකාශ කළේ.

 මීට පෙර පසුගිය මැයි මාසයේදී චීනය කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ වූහාන් නගරයේ මිලියන 11 ක ජනතාව කොවිඩ් 19 පරීක්ෂාවට ලක් කළා.