ඔක්ස්ෆර්ඩ් කොවිඩ් 19 එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල

Monday, 26 October 2020 - 15:33

%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයන් ඇස්ට්‍රා - සෙනෙකා ඖෂධ සමාගම සමග එක්ව සංවර්ධන කළ කොවිඩ් 19 එන්නතෙහි මූලික අත්හදා බැලීම් වලින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත අනාවරණ කළා.

එම පුවත්පත උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේ ඔක්ස්ෆර්ඩ් එන්නත මගින් වැඩිහිටි පුද්ගලයන් තුළ ආරක්ෂිත ප්‍රතිදේහ සහ ටී සෛල වර්ධනය වීමක් දක්නට ලැබෙන බවයි.

කොරෝනා වෛරසයෙන් වැඩිම අවදානමක් පවතින්නේ වයස්ගත කාණ්ඩයටයි.

කෙසේ නමුත් මෙම එන්නත මගින් වයස්ගත පුද්ගලයන්ට කොරෝනා වෛරසයට එරෙහි පූර්ණ ප්‍රතිශක්තියක් ගොඩනගන බව තවදුරටත් තහවුරු කළ යුතු බව ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත අවධාරණය කළා.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් රැසක් මේ වනවිට සංවර්ධනය කරමින් පවතින අතර, ඒ අතුරෙන් පෙරමුණ ගෙන සිටින්නේ ඔක්ස්ෆර්ඩ්  සරසවි පර්යේෂකයන්ගේ එන්නතයි.

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා වෛරස් මරණ 480ක් වාර්තා වී ඇති අතර, එය මාස 3කින් වාර්තා වූ අවම අගය බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයන් 45,148 ක් වාර්තා වී තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 90,000 දක්වා ඉහළ ගොස් තිබූ අතර, මරණ සංඛ්‍යාව ද දහස ඉක්මවූවා.