ඉරානයේ සෑම විනාඩි 5කට වරක් කොරෝනා මරණයක්

Monday, 26 October 2020 - 17:12

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%92+5%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉරානයේ කොරෝනා වෛරස් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව නැවතත් ඉහළ යමින් පවතින අතර, මේ වනවිට දිනකට කොරෝනා මරණ 300ක් පමණ වාර්තා වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව, සෑම විනාඩි 5 කට වරක් ඉරානයෙන් කොරෝනා මරණයක් වාර්තා වනවා.

ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඉරාජ් හරිරිචි ප්‍රකාශ කළේ ජනතාව අතර සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම මෙලෙස වෛරසයේ ව්‍යාප්තියට හේතුවී ඇති බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ, පිලිපැදීමෙන් තොරව දෛනික මරණ සංඛ්‍යාව 600 දක්වා ඉහළ යා හැකි බවට ද ඔහු අනතුරු ඇගවීමක් කළා.

ඉරානයේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 68,896 ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව 32,616ක්.