කොටගල තුන්දෙනෙකුටත් කොරෝනා

Monday, 26 October 2020 - 17:19

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9C%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
නුවරඑළිය, කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් තුන්දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ වූටන් නගරයෙන්, ට්‍රේඩන් වතු යායෙන් සහ තලවකැලේ - දෙව්සිරි ගම්මානයෙන් මෙම කොරෝනා ආසාදිතයින් සොයා ගෙන ඇති බවයි.

ඔවුන් තුන්දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සේවය කළ පුද්ගලයින් බවටයි හඳුනාගෙන ඇත්තේ.