පොලිස් බල ප්‍රදේශ 64ක් සඳහා පැනවූ ඇදිරි නීතිය තවදුරටත් (වීඩියෝ)

Monday, 26 October 2020 - 18:47

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+64%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දුන් සහන කාලය අද රාත්‍රී 10 ට අවසන් වනවා.

එසේම, කොරෝනා වසංගතයත් සමඟ දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 64 ක් සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වුව ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද පෙරවරු 8 සිට මෙම සහන කාලය ආරම්භ වුණා.

ඒ අනුව, අද පෙරවරුවේ සිට ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය හා පෞද්ගලික බැංකු ද විවෘතව පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ලබාදුන් සහනය අයුතු ලෙස භාවිත කළ පුද්ගලයින් 20 ක් පමණ අද දිනයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඊයේ පස්වරු 6 සිට කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පැනවීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක් සඳහා තවදුරටත් ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.

මේ අතර, කොටුව සහ පිටකොටුව පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය පැනවීමත් සමඟ කොළඹින් ගමන් ආරම්භ කරන සියලුම දුර ගමන් සේවා ලංගම සහ පෞද්ගලික බස් රථ අද සිට අවලංගු කර තිබෙනවා.

කෙසේ වෙතත්, කොළඹට පැමිණෙන බස් රථවලට නගර සීමාවෙන් පිටතදී මගීන් නංවා ගැනීම හා බැස්සවීම සිදුකළ හැකි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, කියා සිටියේ ඇදිරි නීතිය හේතුවෙන් බස් රථ ධාවනය සිදුනොවන බවයි.

මේ අතර, කොරෝනා වසංගතය මැඩලීමේ මෙහෙයුමට සමගාමීව කොළඹ නගරයේ ප්‍රධාන වශයෙන් ජනතාව ගැවසෙන පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් අද ආරම්භ වුණා.

ඒ අනුව, පිටකොටුව මැනිං වෙළඳ සංකීර්ණය, මධ්‍යම සහ බැස්ටියන් මාවත බස් නැවතුම්පොල හා තවත් ස්ථාන ඉලක්ක කර ගනිමින් එය ආරම්භ වුණා.

මේ අතර, රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් වෙත මසක ඖෂධ තැපෑල හරහා ලබාදීමේ වැඩපිළිවෙල දෙවන අදියරට පිවිස තිබෙනවා.

ඒ අනුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට හෙට සිට ඖෂධ නිවෙස් වෙත ලබාදීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

එසේම, දෙමළ ජනතාව විසින් පාරම්පරිකව පවත්වන ලබන තිරික්කල රේස් තරඟාවලියක් ඊයේ පස්වරුවේ මන්නාරම - මුරුගන් පිච්චෙයිකුලම් ක්‍රීඩාංගනයේ පැවැත්වුණු අතර, ඊට සහභාගි ඇතමුන් මුව ආවරණ පැළඳ සිටීයේ නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories