ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 280ක් හමුවෙයි - මෙරට ආසාදිතයන් ගණන 8000 ඉක්මවයි

Monday, 26 October 2020 - 19:13

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+280%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+8000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 280 දෙනෙකු හමුවී තිබෙනවා.

ඔවුන් අතරින් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 265 දෙනා දිවුලපිටිය සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ඒ අනුව මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 8000 සීමාව ඉක්මවන අතර මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8152ක්.

දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරෙන් ආසාදිතයන් 4678ක් හමුවී තිබෙනවා.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 4203 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලැබූ 3933 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 16ක්.