ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 261ක් හමුවෙයි

Monday, 26 October 2020 - 22:37

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+261%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 261 දෙනෙකු හමුවී තිබෙනවා.

ඔවුන්ගෙන් 27 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 234 දෙනා මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරෙන් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4939ක්.

මෙම ආසාදිතයන් 261ත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8413ක් දක්වා ඉහළ යනවා.

ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 4464ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 3933ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 16ක්.