වායු දූෂණය කොරෝනා මරණවලින් 15% කට හේතුව බව හෙළිවේ

Tuesday, 27 October 2020 - 8:11

%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+15%25+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
දීර්ඝ කාලයක් වායු දූෂණයට නිරාවරණය වීම ලොවපුරා වාර්තා වන කොවිඩ් 19 මරණවලින් 15% කට පමණ හේතු වී ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ජර්මනියේ සහ සයිප්‍රසයේ විද්‍යාඥයන් සිදුකර ඇති මෙම පර්යේෂණාත්මක අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ වායු දූෂණයේ වැඩි බලපෑම කොරෝනා වෛරස් මරණ ඉහළ නැංවීමට සමත් වී ඇති බවයි.

කර්මාන්ත ශාලා මගින් නික්මෙන අපවායු හේතුවෙන් මිහිපිට වෙසෙන සෑම පුද්ගලයෙකුගේම ජීවිත අපේක්ෂාව වසර දෙකකින් අඩුවන බව මීට පෙර විද්‍යාඥයින් පෙන්වා දී තිබූ කරුණක්.

ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ දත්ත ආශ්‍රයෙන් සිදුකළ අධ්‍යයනයේ ප්‍රතිඵල හෘදවාහිණි පර්යේෂණ පිළිබඳ විද්‍යාත්මක සඟරාවක් මඟින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

විශේෂයෙන් නැගෙනහිර ආසියානු කලාපය සැලකූ විට කොරෝනා මරණවලින් 27% කට හේතු වී ඇත්තේ වායු දූෂණයේ බලපෑම බව එමඟින් අනාවරණ කර ඇති කරුණක්.

යුරෝපයේ එය 19% ක් සහ උතුරු ඇමරිකාවේ 17% ක් ලෙස සටහන් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories