පොලිස් බල ප්‍රදේශ 64 ක ඇඳිරි නීතිය තවදුරටත් - නිරෝධායන නීතියට අනුගත වන්නැයි ජනතාවට අවවාද

Tuesday, 27 October 2020 - 8:32

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+64+%E0%B6%9A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
ජනතාව නිරෝධායන නිතීරිති වලට අනුගත නොවි කටයුතු කරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරිමට සිදු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය දින කිහිපයේදී පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා තුළ නිසිලෙස නිරෝධායන නිතීරිති අනුගමනය නොකළ තත්ත්වයක් දක්නට ලැබුණු බවයි.  

මේ අතර, කොරෝනා ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයන් මින් ඉදිරියට නිවෙස්තුලම නිරෝධායනයට ලක් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ ප්‍රකාශ කළා.  

එසේම, කොරෝනා වසංගතයත් සමඟ ගම්පහ ඇතුළු දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 64 ක් සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද ඉල්ලා සිටින්නේ ජනතාව රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු තත්ත්වයක් මතුව ඇති බවයි.  

මේ අතර, දකුණු පළාත තුළ අන්තර්ජාලය මගින් ආදායම් බලපත්‍ර ඉල්ලුම් කරනු ලබන වාහන සඳහා නිකුත් කරන තාවකාලික බලපත්‍රයෙහි වලංගු කාලය නැවත දැනුම් දෙනතුරු දින 30 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පවතින කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ තැපැල් කටයුතු සීමාවීම හේතුවෙන් මහජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories