හැටන් නගරය හුදකලා කෙරේ (වීඩියෝ සහ ඡායාරූප)

Tuesday, 27 October 2020 - 9:33

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B7%84+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන හැටන් නගරය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව, නැවත දැනුම්දෙනතුරු මෙය ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, හැටන් නගරයට අද උදෑසන පැමිණි ජනතාව ඉවත් කිරීමට පොලීසිය කටයුතු කරන බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළා.

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ එම කාලසීමාව තුළ රථවාහන 07 ක්ද පොලිස් භාරයට ගත් බවයි.

ඒ අනුව මේ දක්වා කාලසීමාව තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1,122 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගැනුණු රථවාහන සංඛ්‍යාව 162 ක්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories