ජනපති ට්‍රම්ප් නම් කළ ඇමී කොනේ බැරට් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට

Tuesday, 27 October 2020 - 9:49

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%87%E0%B6%B8%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ජනාධිපතිවරණයට සතියක් පමණක් තිබියදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කළ ඇමී කොනේ බැරට් එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කිරීම සඳහා සෙනෙට් මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය බලය සතු සෙනෙට් මණ්ඩලය ඒ සඳහා ඡන්ද 52 ට 48 ක් ලෙස අනුමැතිය ලබාදී තිබෙනවා.

කෙසේ නමුත්, ජනාධිපතිවරණය ආසන්නයේ සිදුකළ මෙම පත්වීමට ඩිමොක්‍රටික් විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

මෙම පත්කිරීම මගින් එළැඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව යම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකදී ජනපති ට්‍රම්ප්ට වාසිදායක තත්ත්වයක් උදාවන බව විචාරකයන්ගේ අදහසයි