ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන් මාස 3කින් අවම අගයට

Tuesday, 27 October 2020 - 11:17

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+3%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7
අද(27) උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 36,370 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ අනුව, එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑනව ලක්ෂ 46,000 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, ගත වූ පැය 24 තුළ තවත් කොරෝනා මරණ 488 ක් වාර්තා වීමත් සමඟ ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ද එක්ලක්ෂ 19,502 ක් ලෙස සටහන් වනවා.

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අවසන් වරට 36,000 ට අඩුවෙන් සලකුණු වූයේ පසුගිය ජූලි 18 වනදායි.