රේඩියේටරයක් යොදා සිදුකළ මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වටලයි

Tuesday, 27 October 2020 - 12:06

%E0%B6%BB%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%9A%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වාහනයක රේඩියේටරයක් යොදාගෙන නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනය කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වටලා වැල්ලවාය පොලීසිය විසින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ සිදුකළ වැටලිමකදීයි.

අදාළ සැකකරු ඉතා සූක්ෂමව තම ගෙවත්තේ දීර්ඝ කාලයක පටන් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර කසිප්පු පෙරීම සඳහා යොදා ගන්නා දඟරය වෙනුවට වාහනයකින් ඉවත් කළ රේඩියේටරයක් භාවිතා කර ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී ගෝඩා මිලිලීටර් 90,000,නීති විරෝධී මත්පැන් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක්ද පොලිස් භාරයට ගත් බව සඳහන් .

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලීසිය විසින් සිදුකරනු ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories