ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රෝහල් සඳහා රැගෙන ආ අත්වැසුම් තොගයක් පැහැර ගනී

Tuesday, 27 October 2020 - 13:32

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ගත වූ සතිය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව සියයට 24 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එහිදී හඳුනාගෙන ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව හාර ලක්ෂ 85,000 කට අධිකයි.

එමෙන්ම, එම සතිය තුළ කොරෝනා මරණ 5600 කට වැඩි සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර, එය පෙර සතියට සාපේක්ෂව සියයට 15 ක වැඩිවීමක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකාවේ ප්‍රාන්ත 16 ක පසුගිය සති දෙක තුල කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, ප්‍රාන්ත 7 ක මරණ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව සඳහන්.

 ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට අසූනව ලක්ෂ 62,783 ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව දෙලක්ෂ 31,045 ක්.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රෝහල් සඳහා රැගෙන ආ ඩොලර් මිලියක් පමණ වටිනා අත්වැසුම් තොගයක් සොරුන් විසින් පැහැර ගෙන ගොස් ඇති බව වාර්ත වනවා.

අත්වැසුම් යුගල මිලියන 6 ක් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කොරල් ස්ප්‍රින් වෙත ලැබී ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේයි.

එහෙත් ඉරිදා රාත්‍රියේ සොරුන් පිරිසක් බහාලුම් කඩා එම අත්වැසුම් ට්‍රක් රථයක පටවාගෙන පලාගොස් ඇති බව නිරීක්ෂණ කැමරාවල සටහන් වී තිබෙනවා.

අත්වැසුම් සපයන සමාගම ප්‍රකාශ කළේ මේ නිසා කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රාන්තයේ රෝහල් අර්බුදයකට ලක් වීම කණගාටුදායක කරුණක් බවයි.

එමෙන්ම, දීර්ඝ කාලයක් වායු දූෂණයට නිරාවරණය වීම ලොවපුරා වාර්තා වන කොවිඞ් 19 මරණවලින් 15% කට පමණ හේතු වී ඇති බව අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා.

ජර්මනියේ සහ සයිප්‍රසයේ විද්‍යාඥයන් සිදුකර ඇති මෙම පර්යේෂණාත්මක අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ වායු දූෂණයේ වැඩි බලපෑම කොරෝනා වෛරස් මරණ ඉහළ නැංවීමට සමත් වී ඇති බවයි.

කර්මාන්ත ශාලා මගින් නික්මෙන අපවායු හේතුවෙන් මිහිපිට වෙසෙන සෑම පුද්ගලයෙකුගේම ජීවිත අපේක්ෂාව වසර දෙකකින් අඩුවන බව මීට පෙර විද්‍යාඥයින් පෙන්වා දී තිබූ කරුණක්.

ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ දත්ත ආශ්‍රයෙන් සිදුකළ අධ්‍යයනයේ ප්‍රතිඵල හෘදවාහිණි පර්යේෂණ පිළිබඳ විද්‍යාත්මක සඟරාවක් මඟින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

විශේෂයෙන් නැගෙනහිර ආසියානු කලාපය සැලකූ විට කොරෝනා මරණවලින් 27% කට හේතු වී ඇත්තේ වායු දූෂණයේ බලපෑම බව එමඟින් අනාවරණ කර ඇති කරුණක්.

යුරෝපයේ එය 19% ක් සහ උතුරු ඇමරිකාවේ 17% ක් ලෙස සටහන් වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories