ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් - සමස්ථ මරණ සංඛ්‍යාව 19ක් වෙයි

Tuesday, 27 October 2020 - 14:57

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AE+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+19%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොරෝනා ආසාදනය වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි අයෙකු සහ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ආසාදිත පුද්ගලයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම මරණ දෙකත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ යනවා.

ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ද ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) පෙරවරුවේ ජිවිතක්ෂයට පත්වුණා.

අද දිනයේ මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 3ක්.