පාකිස්ථානයේ ආගමික පාසලක පිපිරීමකින් 7 දෙනෙකු මරුට

Tuesday, 27 October 2020 - 15:25

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පාකිස්ථානයේ - ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පිහිටි පෙශාවර් නුවර - මද්‍රාසා හෙවත් ආගමික පාසලක අද සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර, 50 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර, වයස් සීමාවන්වල පුද්ගලයන් වන අතර, වයස අවුරුදු 13 ට අඩු ළමයින් 4 දෙනෙකු ද තුවාල ලැබූවන් අතර සිටිනවා.

පෙශාවර් නුවර පසුගිය කාලය තුල මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියා රැසක් දක්නට ලැබුණු අතර, මීට වසර 6 කට පෙර එහි හමුදා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමයින් ඇතුළු 150 දෙනෙකු පමණ ජිවිතක්ෂයට  පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories