පොලිස් නිලධාරීන් 19කට කොරෝනා (වීඩියෝ)

Tuesday, 27 October 2020 - 16:26

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+19%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පොලිස් නිලධාරීන් 19කට ආසන්න සංඛ්‍යාවකට මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඉන් දස දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් වන අතර ඔවුන් සියලුදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි ඔහු කියාසිටියේ.

එමෙන්ම එම පොලිස් නිලධාරීන්ගේ සමීප ආශ්‍රිතයන් 300ක් පමණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර තිබෙනවා.

මෙම නිලධාරීන්ට වෛරසය ආසාදනය වුව ද පොලිසියේ  කටයුතු අඩාල නොවන අතර වෙනත් ස්ථානවලින් අදාළ අංශවලට නිලධාරීන් යොදවා එම පරිශ්‍ර විෂබීජහරණය කර සේවා කටයුතු සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories