ජනතාවට සහන ලබාදීමට සැලසුම් රැසක් (වීඩියෝ)

Tuesday, 27 October 2020 - 22:48

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


නිවස තුළම නිරෝධායනයට යොමු කර ඇති පවුල්වලට සති දෙකකට ප්‍රමාණවත් ආහාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා ආර්ථික පුනර්ජීවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශවලට රුපියල් 5000ක දීමනාව ලබාදීමටයි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළා.

බැරෑරුම් තත්ත්වයකදී වුවද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසද රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරින්ට මෙහිදී'උපදෙස් ලබාදුන්නා.

මහජන ආධාරල විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා තැපැල්පතිවරයාට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදී'තිබෙනවා.

නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා.

බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත්තේ දිස්ත්‍රික් ලෙකම්වරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුතු සිදු කරන ලෙසයි.

මීට අමතරව ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා.

කොළඹ නගරය තුළ කොවිඩ්19 ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එය පාලනය කිරීම සඳහා කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories