අධික වේගය අවසානයේ ජීවිතය නතරකළ තැන (ඡායාරූප)

Wednesday, 28 October 2020 - 6:50

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය,අච්චුවේලි ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවූ රථයේ රියදුරු බවයි වාර්තාවන්නේ.

ඊයේ (27) සිදුවූ මෙම අනතුරින් මෝටර් රථයේ ගමන්කරමින් සිටි 23 හැවිරිදි අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

රියදුරාට වේගය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් මෝටර් රථය මාර්ගය අසල විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.

අනතුර සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.