රුසියාව කොවිඩ් එන්නතට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඉල්ලයි

Wednesday, 28 October 2020 - 8:37

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B6%A7%2C+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රුසියාව නිෂ්පාදනය කළ කොවිඩ් 19 එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමුකර තිබෙනවා.

ස්පුට්නික් - ෆයිව් ලෙස නම් කෙරුණු මෙම එන්නත අදාළ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ ඊට සම්පත් දායකත්වය දැක්වූ රුසියානු ඍජු ආයෝජන අරමුදල මගින්. කොවිඩ් 19 එන්නතක් සඳහා නියාමනයේ අනුමැතිය ලබාදුන් ප්‍රථම රට වන්නේද රුසියාවයි.

කෙසේ නමුත්, එය මහා පරිමාණ අත්හදාබැලීම් සම්පූර්ණ කිරීමට පෙර සිදුකළ බවටද මත පළ වනවා.

මේ නිසා එහි සුරක්ෂිතතාව සහ කාර්යක්ෂමතාව පිළිබඳව ඇතැම් විද්‍යාඥයන් සැක පළ කරනවා.

රුසියාව සිය කොවිඩ් 19 එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඉල්ලා ඇත්තේ හදිසි භාවිතය සඳහා ලැයිස්තුගත කිරීමේ ක්‍රමවේදය යටතේයී.

එමඟින් එන්නත ගෝලීය වශයෙන් බෙදාහැරීමට රුසියාවට අවස්ථාව හිමි වනවා.

එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුවහොත් එය සුරක්ෂිතතාව සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ සහතිකයක් වනු ඇති.