මෙල්බර්න් නුවර යළි විවෘත වේ

Wednesday, 28 October 2020 - 13:33

%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
කොවිඩ් 19 දෙවන රැල්ලට මුහුණදුන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් අගනුවර වෙළඳසැල්, අවන්හල් සහ හෝටල් අද ව්‍යාපාර කටයුතු සඳහා යළි විවෘත වුණා.

ඒ මාස 4 කට ආසන්න කාලයක් පැවති දැඩි සීමාවන් ඉවත් කිරීමත් සමඟයි.

ඕස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා රැල්ලේ කේන්ද්‍රය වූ මෙල්බර්න් නුවර කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වනවිට මුළුමනින්ම පාහේ පාලනය කර තිබෙනවා.