මෝදිගේ ජනප්‍රියත්වය උරගා බැලෙන බිහාර් ප්‍රාන්ත මැතිවරණය ඇරඹේ

Wednesday, 28 October 2020 - 13:35

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%8B%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
නැගෙනහිර ඉන්දියාවේ පිහිටි බිහාර් ප්‍රාන්තයේ ප්‍රාන්ත සභාවට නියෝජිතයින් තෝරා පත්කර ගැනීමේ මැතිවරණයේ පළමු අදියර අද පැවැත්වෙනවා.

කෝටි දෙකකට ආසන්න බිහාර් වාසීන් එහිදී ප්‍රාන්ත සභාවේ ආසන 243 න් 71 කට නියෝජිතයින් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කරනු ඇති.

ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර්ගේ ජනතා දාල් පක්ෂය, භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගතව තරඟ වදින අතර, නිතිෂ් කුමාර් ප්‍රාන්ත නායකත්වය අපේක්ෂා කරන්නේ සිව්වන වතාවටයි.

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි බිහාර් ප්‍රාන්තයට බුද්ධගයාව සහ මහාබෝධී විහාරය පිහිටීම හේතුවෙන් බෞද්ධ වන්දනාවන් හිදී විශේෂ තැනක් හිමිවනවා.

අදියර 03 කින් පැවැත්වෙන බිහාර් මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම නොවැම්බර් 10 වැනිදා සිදුකිරීමට නියමිතයි.

මෙය කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් ඉන්දියාව දරුණු ලෙස පීඩාවට ලක්වද්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය උරගා බැලෙන ප්‍රථම ඡන්ද විමසීම ලෙසයි සැලකෙන්නේ.