සීමා පැනවූ සියලු ප්‍රදේශවල ඔසුසැල් සහ වෙළඳසැල් හෙටත් විවෘත කිරීමට අවසර (වීඩියෝ)

Wednesday, 28 October 2020 - 19:31

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD+%E0%B6%94%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සඳුදා අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට සඳුදා දිනයෙන් පසුව ද අඛණ්ඩව එය ක්‍රියාත්මක බවයි.

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක සියලු ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් හෙට පෙරවරු 8 සිට රාත්‍රි 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙන බව ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.  

මේ අතර, සඳුදා උදෑසන 5 ට හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට ඇදිරි නීතිය පැනවෙන ප්‍රදේශවල ඇදිරි නීතිය ඉවත් කරන බැවින් බස්නාහිර පළාතේ සිටින සියලුම දෙනා වෙනත් පළාත්වලට නොයන ලෙසට ද යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියා.

එමෙන්ම, අද (28) පස්වරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් නිලධාරින් ද යොදවා ඇති බවයි.

මේ අතර, හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ඇදිිරි නීතිය ප්‍රකාශ කිරීමත් සමඟ වෙළඳසැල් වලට භාණ්ඩ මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණෙන ආකාරයක් අද (28) පස්වරුවේ දක්නට ලැබුණා.

ලංකා සතොස සභාපති ආචාර්ය නුෂාඩ් පෙරේරා සඳහන් කළේ හිඟයකින් තොරව භාණ්ඩ පවතිත බැවින් අනවශ්‍ය කළබලයක් ඇති කර නොගත යුතු බවයි.

එමෙන්ම, ඇදිරි නීතිය ක්‍රියාත්මක වුණත්, උසස් පෙළ විභාග කටයුතුවලට එය බාධාවක් නොවන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ.