එංගලන්තයේ දිනකට ලක්ෂයක් කොරෝනා වෛරසයට ගොදුරු වෙයි

Thursday, 29 October 2020 - 9:28

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එංගලන්තයේ දිනකට ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට ගොදුරු වන බව නවතම අධ්‍යනයකින් අනාවරණ කර තිබෙනවා.

ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක් මගින් සිදුකළ විශ්ලේෂණාත්මක අධ්‍යයනයකුනුයි මේ බව අනාවරණ කර ඇත්තේ.

වසංගත ව්‍යාප්තිය මේ වන විට වේගවත් වී ඇති අතර, සෑම දින 9කට වරක් ආසාදිත සංඛ්‍යාව දෙගුණ වන බව එමගින් පෙන්වා දෙනවා.

එංගලන්තය වර්තමානයේ පසුවන්නේ දරුණු අවධියක බව සඳහන් කරන අදාළ පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉදිරි කාලය තුළ ආසාදිත සංඛ්‍යාව උපරිම මට්ටමට ළඟා වනු ඇති බවයි.