විශ්‍රාම යන ගුවන් හමුදාපතිවරයා ජනපති හමුවෙයි

Thursday, 29 October 2020 - 16:04

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වසර 36ක සේවා කාලයක් නිම කර නොවැම්බර් මස 02 වන දින විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වුණා.

2019 මැයි 29 වන දින ගුවන් හමුදාපති ධූරයට පත් සුමංගල ඩයස් මෙරට 17 වන ගුවන් හමුදාපතිවරයායි.

තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියාකළ ඔහු තම සේවා කාලය තුළ වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි සේවා පදක්කම, දේශපුත්‍ර සම්මානය, තෙවරක් රණශූර පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම, විශිෂ්ට සේවා විභූෂණය ඇතුලු පදක්කම් රැසක් හිමි කරගෙන තිබෙනවා.

මව්බිම වෙනුවෙන් කළ විශිෂ්ඨ මෙහෙය අගය කළ ජනාධිපතිතුමා විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති සුමංගල ඩයස්ගේ විශ්‍රාම දිවියට සුභාශිංසන එක්කර සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.