ප්‍රංශයේ පිහි ඇනුම ත්‍රස්ත ප්‍රහාරයක්

Thursday, 29 October 2020 - 17:14

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%B1%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ප්‍රංශයේ නීස් නගරයේ පිහිටි ප්‍රධාන කතෝලික දේවස්ථානයක් අසළදී ආගමික අන්තවාදියෙකු එල්ල කළ ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නීස් නුවර නගරාධිපතිවරයා සඳහන් කළේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

සැකකරු කාන්තාවගේ ගෙළ කපා ඝාතනය කර ඇති අතර අනෙක් දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දි මරා දමා ඇති බවද විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

මියගිය එක් අයෙකු කතෝලික දේවස්ථානයක සේවකයෙකු වන අතර සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉස්ලාම් ආගමේ නිර්මාතෘ වන නබිතුමන් සම්බන්ධයෙන් කාටූනයක් පෙන්වීම හේතුවෙන් එරට ගුරුවරයෙකු සිසුන් පිරිසක් ඝාතනය කර තිබුණේ මීට සති දෙකකට පෙරයි.

නබිතුමන්ගේ ජන්ම දිනය හෙටට යෙදී තිබෙනවා.