කොවිඩ් තොරතුරු රැස් කරන නව 'යෙදුම' ජනපතිට හඳුන්වා දෙයි (වීඩියෝ)

Thursday, 29 October 2020 - 18:33

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%27%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%27+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගතහැකි නව යෙදුමක් (App) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය විසින් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව යෙදුම ජනාධිපතිවරයා වෙත හඳුන්වා දීම අද (29) සිදුකෙරුණා.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදීයි.

කොවිඩ් ආසාදිතයන්, ආශ්‍රිතයන්, නිරෝධායනය, පී.සී.ආර් පරීක්ෂණ සේවා, නිරීක්ෂණ, තීරණ ගැනීම්, ආසාදිතයන්ට ආසන්නතම ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ඇතුළු අත්‍යාවශ්‍ය දත්ත රැසක් මෙම නව යෙදුමෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

අලුත්ම වර්ධනයන් පිළිබඳ තොරතුරු සෑම විටම දැනගත හැකි ලෙස මෙම යෙදුම සකස් විය යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.