3 වනදා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයට පමණක් සීමාවෙයි

Thursday, 29 October 2020 - 19:06

3+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පවතින තත්වය සළකා ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු දිනකට සීමා කිරීමට අද (29) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.

ඒ අනුව එළඹෙන තුන්වනදා සිට දින හතරක් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු, තුන්වනදා පෙරවරු 10 ට ආරම්භ වී මධ්‍යහ්න 12 ට අවසන් කෙරෙනු ඇති.

 කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකිර්ණයේදීයි.

ඒ අනුව ලබන 3 වනදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත් කර ඇති නියෝග දෙකක් විවාදයට ගැනීමට නියමිතයි.

මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරය එදිනට නොපැවැත්වීමටද තීරණය කර තිබෙනවා.

එසේම පාර්ලිමේන්තුව පැවැත්වෙන එළඹෙන 3 වනදා මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයට හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ඇතුලුවීමට ඉඩ ලබා නොදීමටද අද (29) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කළේ එදිනට පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ටද අවසර නොලැබෙන බවයි.

පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කළ මාධ්‍යවේදියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.