රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5000 ඉක්මවයි (වීඩියෝ)

Thursday, 29 October 2020 - 19:13

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+5000+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5000සේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ බලපෑම මේ වන විට දිස්ත්‍රික්ක 23ක් පුරා ව්‍යාප්තව පවතින බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ දක්වා මෙරට වාර්තාවී ඇති කොරෝනා ආසාදිත සංඛ්‍යාව 9205ක් වන අතර මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5044ක්.

මේ අතර, මෙරට කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 67 දෙනෙකු අද (29) දිනයේදීත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4,142 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories