අද මැදියම් රැයේ සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය (වීඩියෝ)

Thursday, 29 October 2020 - 19:20

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B6%A7%E0%B6%B8+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ආසාදිතයන් වාර්තාවීමේ සංඛ්‍යාව අනුව ප්‍රදේශ කලාප වශයෙන් වෙන් කර පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.  

මේ අතර බස්නාහිර පළාතටම බල පැවැත්වෙන පරිදි අද (29) මධ්‍යම රාත්‍රි 12 සිට නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙනවා.

කෙසේ වෙතත් එය, ලබන සඳුදා උදෑසන 5ට ඉවත් කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 37 ක, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 21 ක, කළුතර දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටියේ පොලිස් කොට්ඨාසය තුළ පොලිස් බල ප්‍රදේශ පහ බැගින් 10 ක මේ වනවිටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් බස්නාහිර පළාතට අද (29) මධ්‍යම රාත්‍රි 12 ට පැනවෙන නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා උදෑසන පහට අවසන් වුවද ඉහත සඳහන් පොලිස් බල ප්‍රදේශ 68 ට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා පෙරවරුවේ ඉවත් නොකරන බවයි, හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

මේ අතර, දිවයිනේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල වෙළඳසැල් සහ ඔසුසැල් අද පෙරවරු අටට විවෘත වූ අතර, රාත්‍රී 10 ට යළි ඒවා වසා දැමිය යුතු වනවා.

ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ඔසුසැල් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් විවෘතව පවතින්නේ සඳුදා සහ බ්‍රහස්පතින්දා පෙරවරු අටේ සිට රාත්‍රී 10 දක්වා පමණයි.

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඔසුසැල් විවෘත වන්නේ අඟහරුවාදා සහ සිකුරාදා පෙරවරු අටේ සිට රාත්‍රී 10 දක්වා පමණක් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.