පී.සී.ආර්.යන්ත්‍ර රැසක් අක්‍රියයි සජිත්ගෙන් චෝදනා

Thursday, 29 October 2020 - 19:23

%E0%B6%B4%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
කොරෝනා වෛරසය සඳහා සිදුකරන පී.සී.ආර් පරික්ෂණ සඳහා අවශ්‍ය යන්ත්‍ර රට තුළ ප්‍රමාණවත් පරිදි නොමැති බව සමඟි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කතරගම - කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අද (29) අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර රැසක්ම මේ වනවිට අක්‍රිය වී ඇති බවයි.