බියගම පොලිස් ස්ථානාධිපති හදිසියේ ජීවිතක්ෂයට

Friday, 30 October 2020 - 9:00

%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
රාජකාරි කටයුත්තකට සහභාගිවී නැවත පොලිසිය වෙත පැමිණෙන අතරතුර හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් බියගම පොලිස් ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරු 6.30 ට පමණ හදිසියේ රෝගීවූ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.

මීගමුව ප්‍රදේශයේ පදිංචි මොහු මියයනවිට 51වන වියේ පසුවුණා.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.