නව ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ

Friday, 30 October 2020 - 9:07

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%AB
මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කර තිබෙනවා.

ඔහු ලබන 2 වනදා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බවයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

1985 වසරේ ජූලි මස 2 වනදා ගුවන් හමුදාවට එක්වී ඇති ඔහු දියතලාව ගුවන් හමුදා කඳවුරේ පවත්වන ලද 14 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ දක්ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.

පාකිස්ථාන ගුවන් හමුදාවේ උසස් ගුවන් නියමු පාඨමාලාව සඳහා තේරී පත්වුණු නියමුවන් තුන්දෙනාගෙන් එක් අයෙකු වන ඔහු පාකිස්ථානු ගුවන් හමුදාව විසින් පිරිනමන දක්ෂතම මිත්‍ර ගුවන් හමුදා කෙඩෙට් නිලධාරියා සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.

යුද සමයේ කෆීර් සහ එෆ් හත ප්‍රහාරක ගුවන්යානාවලට අමතරව ගුවන් යානා 10 ක් පියාසර කරමින් ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, මහනුවර ධර්මරාජ විදුහලේ ආදි සිසුවෙක්.